Press "Enter" to skip to content

චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත් වෙයි

චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමේදී පවතින තිරිංග දෝෂ හේතුවෙන් එම මැදිරි සහිත දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වූ බවයි.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එම දෝෂ සහිත දුම්රිය මැදිරි සම්බන්ධයෙන් විමර්ශණය සඳහා කමිටුවක් පත් කිරීමට නියමිත බවයි.

More from GossipMore posts in Gossip »