මුඛ ආවරණය තුළ හෙරොයින් සඟවා ගෙන සිටි ගණේමුල්ල, ගලහිටියාව ප්රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දින (30) සවස 6.00 ට පමණ ගණේමුල්ල දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.
එහිදී මුඛ ආවරණය තුල තිබී හෙරොයින් පැකට් 7ක් සොයා ගෙන ඇත.
36 හැවිරිදි සැකකරු “හුරුබුහුටියා“ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයෙක් . ඔහු ප්රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර හෙරොයින් ජාවාරම සිදුකරන බව අනාවරණය වී ඇත. ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »