සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති කරවීම සඳහා දැවැන්ත ප්රජාතන්ත්රවාදී බලවේගයක් නිර්මාණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.
ඒ සඳහා සිවිල් දේශපාලන ව්‍යාපාර කිහිපයක් එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන බවද ඔහු පැවසීය.
මැතිවරණ කොමිසම් සභාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කලේය.






