Press "Enter" to skip to content

ආනවිලුන්දාව වැනසීමේ ප‍්‍රධානියා අත්අඩංගුවට ගනී

පුත්තලම ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ කොටසක් අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීමට සම්බන්ධ චෝදනා එල්ල වෙන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඉඩම හෙළි කිරීමට යොදාගත් බැකෝ යන්ත‍්‍රය හා එහි රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ව්‍යාපාරිකයා ඔහුගේ නිවසේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රක්ෂිත භූමිය ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ඩෝසර් කරමින් හෙළිපෙහෙළි කර තිබුණේ ඉස්සන් වගාවක් ආරම්භ කිරීම සඳහාය.

සිදුවීම සම්බන්දයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකය.

More from GossipMore posts in Gossip »