Press "Enter" to skip to content

නිරෝධායන මධ්‍යස්ථානයක අරක්කු සාදයක්

නිරෝධායන මධ්‍යස්ථානයක පුද්ගලයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

මෙම ගැටුම ඇති වී ඇත්තේ රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේය.

ජපානයේ සිට මෙරටට පැමිණි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇති වී තිබේ.

ඔවුන් විදේශයන්හි සිට පැමිණිමේදී ගෙන එන ලද මත්පැන් පානය කිරීමෙන් පසු මෙම ගැටුම් ඇති කරගෙන ඇත.

ගැටුම හේතුවෙන් තුවාල ලත් පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »