Press "Enter" to skip to content

ගණන් පුළුවන් වෙනවා කියලා සිසුන්ට හෙරොයින් දීලා

පාසැල් පරිශ්‍රය තුළ හෙරොයින් භාවිතා කරමින් සිටි උසස් පෙළ සිසුන් පස් දෙනෙකු කිලිනොච්චියේ පාසලකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලයේ පුද්ගලයෙකු විසින් ඔවුන්ට හෙරොයින් මිලිග්‍රෑම් 80 ක් රුපියල් 5,000 කට ලබා දී ඇති බව වාර්තා වේ.

හෙරොයින් විකිණීම සඳහා මෙම පුද්ගලයා පවසා ඇත්තේ හෙරොයින් භාවිතය ඔවුන්ට ප්‍රයෝජනවත් වනු ඇති බවත් ඔවුන්ට ඕනෑම ගණිත ගැටළුවකට කිසිඳු අපහසුතාවයකින් තොරව පිළිතුරු දිය හැකි වනු ඇති බවත් ය.

මෙම සිසුන් අ.පො.ස. සා/පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වී ඇති සිසුන් බව පැවසේ.

කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් රු. ලක්ෂයක බැගින් වූ පුද්ගලික ඇප මත නිදමස් කර තිබේ.

මෙම සිද්ධියෙන් පසුව අදාල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් දෙමාපියන් ගේ සහභාගීත්වෙයන් යුතුව රැස්වීමක් කැඳවා ඇති අතර, ඊට යාපනයේ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ එස්. සත්‍යමූර්ති ද සහභාගී වී ඇත.

(මූලාශ්‍රය : සන්ඩේ ටයිම්ස්)