නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑමේ වැඩි අවධානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
පී.සී.ආර් පරීක්ෂණ සමාජය තුළ සිදුකරනු ලැබුවත් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියාසිටියේය.
අද වන විට පුද්ගලයින් 32, 816ක් නිරෝධායනය අවසන් කර ඇති අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65ක පුද්ගලයින් 7,058ක් නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (25) දිනයේ දී නව ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2971ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 5 දෙනෙකු ඊයේ දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමග සුවය ලැබු සමස්ථය 2816ක් දක්වා ඉහළ ගියේය.