කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම පරාජය කළ බවක් කීමට නොහැකි යැයි හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොරෝනා වසංගතය ලෝක මට්ටමෙන් පහව ගොස් නැති නිසා මෙරට ද කොරෝනා වලින් තුරන් කළ රටක් ලෙසත් ප්‍රකාශ නොහැකි යයි ඔහු කියා සිටියේ.
අපේ‍්‍රල් 30 වැනිදායින් පසු සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙක් මතු නොවූ බව ද පැවසූ හමුදාපතිවරයා විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිසා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන බව ද පැවසීය.
තව දුරටත් මෙරට වැසියන්ට ඉතාමත් පරිස්සමින් කටයුතු සිදු වුන බවත් සුළු හෝ වරදකින් වෛරස සමාජගත වීමට හැකියාව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
කොරෝනා පරාජය කළේ යැයි යම් විශ්වාසයක් ඇති වී තිබුණ ද ඒ සඳහා සහතිකයක් දිය නොහැකි බවත් ඕනෑම වෙලාවක මෙම වෛරසය මතු විය හැකි බවත් ඔහු කියා සිටියේය.