Press "Enter" to skip to content

කොච්චිකඩේ පල්ලිය ළඟ හිඟා කන මහරගම කෝටිපතියා

කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටි පුද්ගලයෙකු සතු කෝටි ගණනක දේපළ රැසක් පිළිබද පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා. ඒ, ඔහු සිඟමන් යදිමින් සිටි ස්ථානයේ පළතුරු කරත්තයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදීයි.

එහිදී හෙළි වී ඇත්තේ සිඟමන් යැදුනු මෙම සැකකරුට අයත් දෙමහල් නිවසක් මහරගම, පමුණුව ප‍්‍රදේශයේ ඇති බවයි. එහි උඩු මහල කුලී පදනම මත ලබාදී ඇති අතර ඉන් මසකට රුපියල් 30,000 ක් මුදලක් ලැබෙන බවද පොලීසිය සදහන් කළා.

ඔහුට අයත් මෝටර් රථ දෙකක් පිළිබදවද හෙළි වී තිබෙනවා. කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටින සැකකරු දිනකට රුපියල් පන් දහසක මුදලක් උපයා ගන්නා බවයි පොලීසිය පැවසුවේ.

දේවස්ථානය අසලදී සොරගත් පළතුරු කරත්තය නිවසට රැගෙන එන ලෙසට භාරදී ඇත්තේ වෙනත් පුද්ගලයෙකුටයි. ඒ සදහා අදාළ පුද්ගලයාට රුපියල් 5,000 ක මුදලක්ද ලබාදී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ CCTV කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් සිදුකළ පරීක්‍ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 64 ක් වන පුද්ගලයෙක්.