වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අවම ප්‍රමිතිය ගැසට් නොකිරීම නිසා වෛද්‍යවරුන් වීමට නුසුදුසු 76 දෙනකු වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලැබීමට නියමිතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලූත්ගේ මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරි සංගම් මූලස්ථානයේ ඊයේ (24) වැනිදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අලූත්ගේ මහතා එසේ කියා සිටියේය.
රජයේ වෛද්‍ය විද්‍යාලයකින් නොවන දේශීය සහ විදේශීය වෛද්‍ය උපාධිය ලැබූ 83 දෙනකුට වෛද්‍ය සභාවේ අනුමැතිය ඇතිව පත්වීම් ලබාදීමට නියමිත බවද එම පිරිස අතර මෙම 76 දෙනා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
වෛද්‍ය සභාවේ නිර්දේශයන්ට නුසුදුසු මෙම පිරිස අතර 30ක් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට තිබේද නැතිද යන්නවත් සඳහන් නොමැති බවද 18ක් උසස් පෙළ විෂයයන් 3ම අසමත් සහ ජීව විද්‍යා විෂයන් නොකළ අය බවද ඒ මහතා අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිකාර තනතුරකට හෝ බඳවා ගැනීමට අපොස උසස් පෙළ සමත්ව සිටීම අත්‍යවශ්‍ය වුවත් උසස් පෙළ අසමත් සහ උසස් පෙළට පෙනීසිට ඇති ද නැතිද යන්නවත් සොයාගත නොහැකි පිරිස් වෛද්‍යවරුන් වුවහොත් රටේ වෛද්‍ය ක්ෂේත්රය ලෝකය හමුවේ අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.