හාලිඇලකන්දේගෙදර ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයකු බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී (24) පස්වරුවේ එම පුද්ගලයාගේ නාසය තුළ සිටි බඹරුන් 11ක්ඉවත් කර දැමූ බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පවසයි .
මෙම බඹර ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයා කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචි 71හැවිරිදි පුද්ගලයකු යැයි හෙතෙම කීය .
බඹර ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයේ කන්දේගෙදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා මෙසේ බදුල්ල මහ රෝහලට මාරුකරතිබිනැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
මෙම පුද්ගලයාට බඹරුන් දාහක් පමණ විදඇති බවට මොහුගේ ශරීරය පුරා තිබෙන තුවාල වලින් අනාවරණය වන බවද හෙතෙම කීය .
මොහු දැනට බදුල්ල මහ රෝහලේ 1වාට්ටුවේප්‍රතිකාර ලබමින් සිටි .