Press "Enter" to skip to content

උතුරු කොරියානු නායක කිම් ජොං-අන්, කෝමා තත්ත්වයක

උතුරු කොරියානු නායක කිම් ජොං-අන් කෝමා තත්ත්වයක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් ඔහුගේ සොහොයුරිය කිම් යෝ-ජොං එරට අභ්‍යන්තර හා අන්තර්ජාතික කටයුතු මෙහෙය වනු ඇති බවය.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති කිම් ඩේ-ජුං ගේ හිටපු සහායකයෙකු උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය මේ බව වාර්තා කර තිබේ.

කිම් ඩේ-ජුංගේ දේශපාලන කටයුතු ලේකම්වරයෙකු ලෙස සහ රාජ්‍ය කටයුතු අධීක්ෂණ කාර්යාලයේ ප්‍රධානියා ලෙස සේවය කළ චැං සොන්-මින් සමාජ මාධ්‍ය සටහනක පවසා ඇත්තේ, පාලනය කිරීමට තරම් අසනීප හෝ කුමන්ත්‍රණයකින් ඉවත් කරන තෙක් උතුරු කොරියානු නායකයෙකු තමා හැර වෙනත් පුද්ගලයෙකුට සිය අධිකාරිය භාර නොදෙන බවය.

South Korean Daily පුවත්පතට අනුව, සෝල්හි ඔත්තු ඒජන්සිය ‘පාලන පද්ධතිය’ පිළිබඳව පැවැත්වූ රහසිගත රැස්වීමකදී නීති සම්පාදකයන්ට පවසා ඇත්තේ, කිම් තම අධිකාරී බලය සහ වගකීම බෙදා හදා ගත යුතු විශ්වාසවන්ත සහායකයන් පත් කර ඇති බවක් පෙනෙන්නට තිබුණු බවය.

මේ අතර, උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී නොසිට පසුව ඔහු සුවෙන් බවට පසුගිය මාසවල පළවූ ඡායාරූප ව්‍යාජ ඒවා බව චැං පවසයි.