කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ සාමජය අතර යම්කිසි සම් මිශ්‍රණයක් සිදුවී ඇති බැවින් කොවිඩ්-19 වයිරසය සමාජගත වීම් වැඩි අවධානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.
මාධ්‍යවෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එම මධ්‍යස්ථානයේ දරුවන් බැලීමට පැමිණි මවුපියන් සහ නිවාඩු ගිය නිලධාරීන්ගෙන් මෙම වයිරසය සමාජගත විය හැකි බවයි.
එම නිසා මේ වන විට රෝගීන් හඳුනාගැනීමට සහ නිරෝධායනය කටයුතු කිරීමට කඩිනමින් පියවර ගෙන ඇති බව පැවසූ වෛද්‍යවරයා ලැබෙන දත්ත මත අවශ්‍ය වුවහොත් අවධානම් ප්‍රදේශ වසා දැමීමට සිදුවිය හැකි බවද පැවසීය.
Published in Health
More from HealthMore posts in Health »