Press "Enter" to skip to content

කොරෝනා දෙවැනි රැල්ලක් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇගවීම්

ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි අවදානම් ස්ථාන හතරක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසා සිටින ආකාරයට
ගුවන්තොටුපල, බස් රථ හා දුම්රිය සේවාවන්, පාසල් හා මැතිවරණ සමය මෙම අවධානම් ස්ථාන වන බවයි.

විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතාවේදී සමාජ දුරස්ථභාවය ගැන කිසිදු අවධානයක් නොදක්වන බව පෙනී යන්නේ යැයි ද ඔහු වැඩි දුරටත් පවසයි.මේ තත්වය යටතේ කොරෝනා දෙවෙනි රැල්ලක් ආරම්භ වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් ආසන්න බව පෙනී යන බවද වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කලේය.

කොරෝනා පාලනය කළ රටවල් අතර ලංකාව මුල් ස්ථානයට පත්ව ඇත්තේ ඒ සඳහා කල කැපවීම නිසා බවද කී ඔහු කොරෝනා දෙවැනි රැල්ලක් ඇති නොවීම සඳහා ද කැපවීමක් අවශ්‍ය යයි කියා සිටියේය.