Press "Enter" to skip to content

උසස් පෙළ කල් දමනවාද ? විභාග කොමසාරිස් පිළිතුරු දෙයි

උසස් පෙළ විභාගය කල් දැමිය යුතු බවට පාර්ශ්ව රැසක් සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් දැක් වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි

උසස් පෙළ විභාගය කල් දමන්නේ නම් සෙසු සියළු විභාගද තවදුරටත් කල් දැමීමට සිදුවන බවයි. කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන පරිදි විභාගය පැවැත්වීමට දැනටමත් කටයුතු සූදානම් කරමින් ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ. උසස් පෙළ විභාගය කල් දැමුවහොත් විශ්ව විද්‍යාලවල සිසුන් බදවා ගන්නා කාලයද සැලකිය යුතු ලෙස කල් යන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. දැනට ගෙන ඇති තීරණයට අනුව සැප්තැම්බර් 07 වැනිදා උසස් පෙළ විභාගය පැවැත්වීම වෙනස් වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් සඳහන් කළා.