කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1639 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද දිනයේදී රාත්‍රී 7.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් 06 දෙනෙකු වාර්තා වී ඇත.
ඉන් දෙදනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර බේලාරූස් සහ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුද ඒ අතර සිටිනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඉකුත් දා තහවුරු වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කලේ.
ඔවුන් දෙදෙනා බොරැල්ල ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
Published in Health
More from HealthMore posts in Health »