එංගලන්ත පාපන්දු ලීගය නියෝජනය කරන ක්රිඩකයින් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එම ලීගය නියෝජනය කරන ක්රිඩකයින් සහ කාර්යය මණ්ඩලය 1008දෙනෙකු ඊයේ (27) දිනයේ කොවිඩ් පරික්ෂණයට ලක් කර ඇති බව සදහන්.
එහිදී ක්රිඩකයින් සිව් දෙනෙකුට සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කර ඇත.
කෙසේවෙතත් ඔවුන් කුමන ක්රිඩා සමාජයක් නියෝජනය කරන්නේ දයන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර නැත.
මෙම කොවිඩ් ආසාදනය වූ ක්රිඩකයින් ඇතුළු 07 දෙනා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සදහන්.