Press "Enter" to skip to content

කුවේට් සිට පැමිණි පුද්ගලයින් 47කට කොරෝනා

අද දිනයේ මේ වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

එලෙස වාර්තා වී ඇති රෝගීන් 49 දෙන අතුරින් කුවේට් සිට පැමිණි පුද්ගලයින් 47දෙනෙකුද, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික සෙබලෙක් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියේ.

මේ වන විට මෙරට කොරෝනා රෝගය ආසාදනය වූ මුළු රෝගීන් ප්‍රමාණය 1138ක් බවටයි වාර්තා වෙන්නේ.

මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 455ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 674ක් වනවා.

More from GossipMore posts in Gossip »