සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගම වෙත උපදෙස් දී තිබේ.
ඒ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදීය.
ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මගින් තනි බිල්පතක් මාර්තු, අප්‍රේල් මාස දෙක සඳහා විදුලි බිල්පත් නිකුත් කර ඇති බව වාර්තා වන අතර එම තත්ත්වය වහාම නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසය.
එමෙන්ම මෙම මාස 2 ටම අදාළ විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ලබා දෙන අතර එම කාලය තුළ අදාල බිල්පත් පියවීමට කටයුතු කළ යුතු විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »