අද (9) දිනයේ වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 9 දෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ වන විට ලංකාවෙන් වාර්තා වන මුළු රෝගින් ගණන 844 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒත් සමඟම මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 255 දෙනෙකි. එමෙන්ම ඊයේ දින සිදු කරන ලද PCR පරික්ෂණ ගණන 1821කි.