ඊයේ දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහෝ දිනයේ දී කොළඹ ජාතික උණ රෝහලේ වෙසක් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබිණි.
කොරෝනා ආසාදිත පුද්ගලයන් එහිදී පංච සිල් සමාදන් වී දවස පුරාම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදියට සහභාගී වූහ.
රෝගීන් වෙනුවෙන් භාවනා වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබිණි.
භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක්ම මේ සදහා එක්වූහ.
ආසාදිතයන් 140ක පමණ පිරිසක් මෙම සිල් සමාදන් වීම සඳහා එක්ව සිටියහ.
ආසාදිතයන් තම තමන් ප්‍රතිකාර ලබන වාට්ටුවල සිට සිල් සමාදන් වී තිබිණි.
රෝහල් පරිශ්‍රය ඊයේ රාත්‍රියේදී වෙසක් සැරසිලි වලින් අලංකාර කර තිබිණි.
මෙරට කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන ප්‍රධානම රෝහල කොළඹ ජාතික උණ රෝහලයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »