ඇඳිරි නීතිය රටේ යම් යම් ප්‍රදේශවල ක්‍රියාත්මක වුවත් එදිනෙදා කටයුතු සඳුදා (11දා) සිට ක්‍රියාත්මක කිරීමට රජය ගෙන තිබෙන තීරණයේ වෙනසක් නැතැයි ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ‘මව්බිම’ට පැවැසීය.
ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන උපදෙස්වලට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශවල කටයුතු ක්‍රම ක්‍රමයෙන් ඇරැඹීමට අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානමින් සිටින බවද ඒ මහතා කීය.
මේ වනවිට කොරෝනා වයිරසය පැතිරයෑම සාර්ථකව මර්දනය කර ඇති බැවින් කළ යුත්තේ අදාළ සෞඛ්‍ය උපදෙස් මත ජනතාව වගකීමෙන් කටයුතු කිරීම යැයි ද අජිත් රෝහණ මහතා පැවැසීය.
mawbima