Press "Enter" to skip to content

කොරෝනා පිළිබඳ රසායනාගාර වාර්තා වැරදීම පිළිබඳ හේතු පැහැදිලි කෙරේ

කොරෝනා ආසාදිතයින් බවට ඉකුත් දා තහවුරු කෙරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුගේ කොරෝනා පරීක්ෂණ වාර්තා නිකුත්වීමෙන් පසු ඔවුන්ට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමත් සමග මතුවූ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය අද පැහැදිළි කිරීමක් සිදු කළා.

එහි සභාපති රවී කුමුදේශ් පැවසුවේ එවැනි වැරදි වාර්තා 13 ක් පමණ මේවනවිට නිකුත් වී ඇති බවයි.

කෙසේවෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති කිසිඳු වෛද්‍ය රසායනාගාරයක් මගින් මෙතෙක් මෙවැනි වැරදි වාර්තා නිකුත් කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
nethnews

More from GossipMore posts in Gossip »