ඊයේ දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
මෙම රෝගීන් ගෙන් 24 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
අනෙක් රෝගීන් 05 දෙනා ගෙන් ඒක අයෙක් යාපනය, පළාලි ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
සෙසු ආසාධිතයින් සිව්දෙනා නාවික හමුදාවේ සෙබළුන් ගේ ආශ්‍රිතයින් බව හෙළිව තිබෙනවා. එම සිව්දෙනා අතර වයස අවුරුදු 07ක් වයසැති දරුවෙක්ද සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.










