Press "Enter" to skip to content

ඊයේ කොරෝනා බව කියූ රෝගීන් තිදෙනාට වෛරසය ආසාධනය වී නැහැ – අනිල් ජාසිංහ

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට ඊයේ (05) දිනයේදී හෙළිවූ කොලොන්නාව, රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට එම වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ පළමු PCR පරීක්ෂණ වලදී ඔවුන් “ඌණ ආසාධිතයින්” ලෙස හඳුනා ගැනීමත් සමග අවශ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග ගනු ලැබූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා. ඒ අනුව පසුව සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන්ට එම වෛරසය ආසාධනය වී නොමැති බවට හෙළිවූ බව ඔහු කියා සිටියා.

ඒ අනුව මෙම පුද්ගලයින් කොරෝනා ආසාධිත ලැයිස්තුවෙන් ඉවත් කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලැබූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.