දඹුල්ල බස් නැවතුම්පළේ පොදු වැසිකිළිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු විනාඩි 30 ක පමණ කාලයකට පසු ප්රදේශවාසීන් කිහිප දෙනෙකු එකතු වී ත්රීරෝද රථයකින් දඹුල්ල රෝහලට රැගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හඳූනාගෙන තිබේ.
දඹුල්ල බස් නැවතුම්පොළ අසළ පිහිටි පොදු වැසිකිළියට සිය ගමන් මල්ල එළියේ තබා වැසිකිළියට ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙන වාත් සමගම එම සෙබළා එක වර ඇද වැටුණු බව එහි සේවකයෙකු පැවසීය.
බැලූ බැල්මට මෙම තරුණයා යුද හමුදා සෙබළෙකු බව දැනගත් ප්රදේශයේ තරුණ තරුණියන් කීප දෙනෙකු පැය භාගයක පමණ කාලයක් මෙම තරුණයා හුස්ම අදිමින් සිටියදී රෝහලට රැගෙන යෑම සඳහා දැඩි ප්රයත්නයක් දැරීය.
1990 ගිලන් රථයට සහ පොලිසියට ඔවුන් දුරකථන ඇමැතුම් ලබා දුනි.
එම ස්ථානයේ යුධ හමුදා සෙබළුන් කිහිප දෙනෙකු ද සිටිනු දැක ගැනීමට හැකිවිය. බොහෝදෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුද හමුදා සෙබළා ට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවිය.
පසුව තරුණයෝ දෙදෙනෙකු ක්රියාත්මක වී ආසන්නයේ තිබු ත්රිරෝද රථයකින් තරුණයා දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කළේය කළහ.
රෝහලට රැගෙන ගිය පසු මෙම පුද්ගලයා මිය ගිය බව දැනගැනීමෙන් අනතුරුව එම තරුණය ගැන සොයා බැලු තරුණ තරුණියන් පිරිස අවට පිරිසගේ දෝෂාරෝපණයට ලක් විය.
කෙසේ වෙතත්, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙම සිද්ධිය සැළවීමත් සමග ගිලන් රථයක් එම ස්ථානයට එවා තිබිණි. එහෙත් ඒ වන විටත් ත්රිරෝද රථයකින් තරුණයන් විසින් මෙම හමුදා සෙබළා රෝහලට ගෙනැවිත් තිබිණි.
මෙම යුදහමුදා සෙබළා කුමන හේතුවක් නිසා මිගියා ද යන්න පිළිබඳ ව දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(දඹුල්ල කේ. කේ. ආරියදාස)
mawbima