Press "Enter" to skip to content

කොරෝනා කේන්ද‍්‍රය වැලිසරට.. මහසෙන් කදවුර අවදානම් රතු කලාපයක් කරයි

වැලිසර නවික හමුදා කඳවුරු සංකීරණයේ කොරෝනා වෛරසය පැතිරීම වැඩිපුරම සිදුව ඇත්තේ මහසෙන් කඳවුරු ප්‍රදේශයේ බව නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා සඳහන් කරයි.

එම ප්‍රදේශය අවදානම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන වැඩි අවධානයක් යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මහසෙන්, ලංකා, තක්ෂිලා, ගැමුණු යන කඳවුරු හතර එම පරිශ‍්‍රයේ පිහිටා ඇති අතර වැඩිපුරම ආසාදිතයන් වාර්තාවී ඇති මහසෙන් කදවුරෙනි.

මෙම කඳවුරු අධීක්ෂණය කිරීම සඳහා කොමදෝරු ප්‍රසන්න හේවගේ මහතා පත් කර තිබේ.

මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් අතරින් 265 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් වෙයි.