කොරෝනා ව්‍යාප්තිය නිසා පිඩාවට පත් කණ්ඩායම් සඳහා රුපියල් 5000 ක දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
මැයි මස සඳහා වන රුපියල් 5000 දීමනාව හෙට (04) සිට ආරම්භ වන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කිරිමට නියමිතය.
වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන්ට සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට මෙම රුපියල් 5000 දීමනාව ගෙවීමට ජනධිපතිවරයා නියෝග කරනු ලැබිය.
ඒ අනුව මුල් ලේඛනවල නම සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයටද දීමනාව හිමි වෙන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටියි.
මීට අමතරව මැයි මාසය විශ්‍රාම වැටුප් ගෙවීමද හෙට ආරම්භ කොට පොහොය දිනට පෙර අවසන් කිරිමට නියමිතයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »