විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
අද දිනයේද බ්‍රිතාන්‍යයේ සිට ලාංකිකයින් 260 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති බවද මෙහිදී හමුදාපතිවරයා කියා සිටියා.
” විදේශ ගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 – 35,000 අතර මිලකට.
මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ” හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
neth news