Press "Enter" to skip to content

මැතිවරණය තවත් කල් යන ලකුණු

මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මහ මැතිවරණයට නාමයෝජනා බාරදී ඇති දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (02) රාජගිරිය මැතිවරණ කොමිසමේ දී පැවැත්විණි.

පැය දෙකකට ආසන්න කාලයක් පැවැති එම සාකච්ඡාවේදී මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් තීරණයටකට පැමිණ නැති බව පැවසේ.

සාකච්ඡාවෙන් පසුව පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ පක්ෂ ගණනාවක මතය වූයේ මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්විය යුතු නැති බවත්, ඒ වගේම තවත් පක්ෂ මැතිවරණයක් පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව පැවන්වා දුන් බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණ කොමිසම තවත් සති දෙකකින් රටේ තත්ත්වය අධ්‍යනය කර මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතියි ද ඔහු කියා සිටියේය.