මැයි මස 11 වැනිදා වන විට, කොරෝනා වසංගතය පිළිබඳ පවතින තත්ත්වය සමනය වනු ඇතැයි තමා විශ්වාස කරන බව, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
නාවික හමුදාවේ ආසාදිතයන්ගේ තත්ත්වය පාලනය වී ඇති බව සඳහන් කරන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයන්ගෙන් වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ද නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කර ඇතැයිද සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන් හා ඔවුන් ඇසුරු කළ පිරිස් වැඩි වශයෙන් වාර්තා වූ ජාඇළ සුදුවැල්ල ප්‍රදේශය හා ගුණසිංහපුර බණ්ඩාරනායක මාවත සියයට 95%ක්ම පාලනය කර ඇති බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කෙසේ වුවද තත්ත්වය පාලනය වුවත් ජනතාවගේ සංචරණය අනිවාර්යයෙන්ම සීමා කරගත යුතුව ඇතැයිද, රාජ්‍ය බුද්ධි අංශ ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයාදීම නිසා තත්ත්වය පාලනය කරගත හැකිවූ බවද සඳහන් කරයි.