Press "Enter" to skip to content

විරෝධතා නොතකා රජය තද තීරණයක

ඊයේ මියගිය කොරෝනා ආසාධිතයාගේ අවසන් කටයුතු කොටිකාවත්ත මුල්ලේරියාව ආදාහනාගාරයේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලවයි.

මේ අතර ඊයේ මිය ගිය කොරෝනා ආසාධිතයා රැදී සිටි මරදාන ආනල්ඞ් රත්නායක මාවතේ පිහිටි මහල් නිවාසවල වෙසෙන පුද්ගලයින් 1500ක් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

මෙරටින් මේ දක්වා හඳුනා ගැනුණු කොරොනා ආසාදිතයින් 150 දෙනාගෙන් 35 දෙනෙකු කොළඹ දිස්ති‍්‍රක්කයේ පදිංචිකරුවන්. කොළඹ දිස්ති‍්‍රක්කයට පසු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් වන අතර එම සංඛ්‍යාව 25 ක්.

කලූතර දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු සහ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු බැගින් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මේවනවිට සුවය ලැබූ මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 21 ක්.

More from GossipMore posts in Gossip »