Press "Enter" to skip to content

වෝනර්, මහේලගේ කණ්ඩායම හැර යයි

පළමු වරට මෙම වසරේ දී සංවිධාන කර ඇති The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ වෝනර් තීරණය කර තිබෙනවා.

පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

The Hundred තරගාවලියේ දී ඔහු සදන් බ්‍රේව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමටයි නියමිතව තිබුණේ.

පවුම් 125,000 මුදලකට ඩේවිඩ් වෝනර් එම කණ්ඩායම සදහා තෝරා ගැණුනු අතර, සදන් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනයි.

33 හැවිරිදි වෝනර් වෙනුවට අදාළ තරගාවලිය සදහා ඔස්ට්‍රේලියාවේම මාර්කස් ස්ටොයිනිස් ආදේශ කර තිබෙනවා.