Press "Enter" to skip to content

“වාහන ආනයනය සීමා කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ”- මහ බැංකු අධිපති

වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ පැවසුවේ, මහබැංකු පරිශ්‍රයේ අද (ජූලි 23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේ ය.

  • ප්‍රශ්නය – වාහන ආනයනය සීමා කරන්න රජය සහ මහ බැංකුවෙන් අවධානය යොමු වෙලා තියනවා කියලා පසුගිය දිනවල වාර්තා කිහිපයක් පළ වෙලා තිබුණා. මේකෙ කිසියම් සත්‍යතාවයක් තියනවා ද?

මහ බැංකු අධිපති – “මහ බැංකුවෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ ඒවා සීමා කරන්න. විවෘත කරපු වෙළෙඳපොළ දිගටම විවෘතව පවතීවි. රජයෙත් එහෙම අදහසක් නැහැ මම දන්න විදිහට එහෙම මම හිතන්නේ නැහැ.මම හිතන්නේ ඇමතිතුමා ප්‍රකාශයක් කරා එහෙම වෙනසක් කරන්නෙ නැහැ කියලා. මේක restrict වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා Macroprudential මහ බැංකුව පැත්තෙන් මුදල් පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ සහ ණය ගෙවීමේ හැකියාව අනුව ඒ අවධානම තියෙනවා. යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි කරලා තියෙන්නේ මේ අවස්ථාවේ.”

More from UncategorizedMore posts in Uncategorized »