Press "Enter" to skip to content

වාහන ආනයනයට අවසර: ලබන වසරේ යෝජනා මේ වසරේ සිට

කාර්මික සහ බර වාහන ආනයනයට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එය ලබන ඔක්තෝබර් මාසයේ දී ක්‍රියාත්මක වනු ඇති.

2025 වසරේ මුල් භාගයේ දී එම වාහනය ආනයනය කිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් පවතින අවශ්‍යතා සලකා බලමින්, අදාළ සැලසුම ඉදිරියේ රැගෙනවිත් ඇති බව සඳහන්.

කාර්මික හා බර වාහන ආනයනය සඳහා අවසර ලබාදීමෙන් පසු ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට නියමිතයි.

CIF අගයක් යටතේ වන කුඉා මෝටර් රථ කාණ්ඩයක් තෙවැනියට ආනයනය කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

සුඛෝපභෝගී සහ අධි සුඛෝපබෝගී වාහන ආනයනය සඳහා අවසානයේ දී අවසර ලබා දෙනු ඇති.

මෙම යෝජනා ක්‍රමය යටතේ විදුලි වාහන ආනයනයට ප්‍රමුඛත්වය දීම රජයේ ප්‍රතිපත්තිය වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

වසරක් තුළ ආනයනය කළ යුතු උපරිම වාහන සංඛ්‍යාව පිළිබඳ රජය මහ බැංකුවේ උපදෙස් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ රට තුළ පවතින විදේශ සංචිතය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරමින්.

නවතම වාහන හෝ වසර දෙකක් ඇතුළත නිෂ්පාදනය කරන ලද වාහන පමණක් ආනයනය කිරීමට අවසර හිමි වන බව ද සඳහන්.