Press "Enter" to skip to content

A සමාර්ථ 25ක් ගෙදරට ගෙනා නිවුන්නු තිදෙනා

අපොස සාමාන්‍ය පෙල විභාගයෙන්  ඒ සාමාර්ථ 25 ක ත්‍යාගයක් දෙමාපියන්ට  දායාද කිරීමට ගාල්ල මාපලගම නිවුන් සොයුරෝ තිදෙනෙක් සමත් වූහ.

මාපලගම පදිංචි අනුද මිනුල ගජනායක,අකිඳු විරුල ගජනායක,අමිරු සනුල ගජනායක මේ අපූරු නිවුන් සොයුරෝ වෙති.

මෙයින් අනුද ඒ සාමාර්ථ නවයක් ද , අමිරු හා අකිඳු ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථ දෙක බැගින් ලබාගෙනද විභාගය ඉහළින්ම සමත්ව සිටිති.

මේ තිදෙනාම එකට ඉපිද නාගොඩ ප්‍රාථමික විදුහලේ එකට ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර අනුද 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 172 ක් ලැබ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලට ද ,ශිෂ්‍යත්වයෙන් ලකුණු 162 ක් ලැබ සමත්වූ අකිඳු සහ ආසන්නයටම පැමිණ එම කඩ ඉම අහිමිවූ අමිරු නාගොඩ රාජකීය මහ විදුහලටද 6 ශ්‍රේණියට ඇතුළත්ව ඉගෙනුම ලබා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්හ.