වාහන අලෙවි ව්‍යාපාරිකයින් සෑම වාහනයක්ම ලක්ෂ 05 සිට ලක්ෂ 30 දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ.
ඒ මේ වන විට වාහන ආනයනය අත්හිටුවා තිබීම හා යලි ඩොලරයේ මිල ඉහල යමින් පැවතීමත් සමගය.
කුඩා වාහන සේල් කරුවන් ඔවුන් සතු වාහන කිහිපය හැකි උපරිම මිලට විකුණා ඒවා වසා දැමීමටත්, දැනට වාහන තොග ඇති ව්‍යාපාරිකයන් එම වාහන සඟවා මිල ගණන් කෘත්‍රිමව ඉහළ දමීමටත් මේ තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
එසේම ලියාපදිංචි නොකළ වාහන පමණක් අලෙවි කළ ඇතැම් වාහන සේල් මේවන විට ලියාපදිංචි වාහන විකිණීමට පටන්ගෙන තිබේ.
මීට පෙර රුපියල් ලක්ෂ 60-70 ට අලෙවි කළ වාහනවල මේවන විට මිල රුපියල් ලක්ෂ 90-110 අතර මිලකට ඉහළ දමා ඇතැයි ද පැවසේ.
කලින් අලෙවි කළේද ලාභයක් සහිතව බැවින් අලුතෙන් වැඩි කළ මිල අධි ශුද්ධ ලාභයක් බව ආර්ථික විශ්ලේෂකයෝ කියති.
Published in Gossip
More from GossipMore posts in Gossip »