Press "Enter" to skip to content

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

අද (01) සවස 6.00 න් පසුව ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩිකිරීමට සිනොපෙක් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින් වැඩි කිරීමට සිනොපෙක් සමාගම තීරණය කර තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල වැඩිවී නැති අතර එය පැවති මිල වන රුපියල් 358 ක මට්ටමේ පවතී.

ඔක්ටේන් 95පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 414 ක් වන අතර එහි නව මිල රුපියල් 420 ක් ලෙස රුපියල් 6 කින් ඉහළ දමා ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 338 ක් වන අතර එහි නව මිල රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද වැඩිවී තිබේ.

More from GossipMore posts in Gossip »