කොරෝනා වසංගතය සමයේ ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා පුද්ගලයින් දැනුවත් කළ ප්‍රකට PHI මහත්මයෙකු වන තරිඳු ධම්මික සිය ජීවන ගමනට සමුදී තිබෙනවා.
කළුතර සේරුපිටිවල සෞඛ්‍ය කොට්ඨාශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ධම්මික, වකුගුඩු රෝගයක් නිසා මෙසේ දිවි හැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු ගැන මුහුණූ පොතෙන් හමුවුණූ සංවේදී සටහනක් තමයි මේ…
ඔව් PHI කෙනෙක් විදියට කොරෝනා කාලේ අපිව හරි විදියට දැනුවත් කල ඔයා නිහඬ වේලා උඹ පට්ට දක්ෂයේක් ආපරාදේ ආකාලේ යන්න ගියා ඒ දෙනා බැදලා වැඩිකල් නැ පව් ඒ කෙල්ලත් කොච්චර බාලාපොරොත්තු ඇතිව ඉන්න ඇත්තේ PHI තරිඳු මහතාට නිවන් සුව ලැබේවා ! ඇතටම දුකයි අප්පා PHI මහත්තයෝ ඔයා කරගත්තා පිං හොදටම ඇති හොද ආත්මයක් ලබන්න ආයිත්..














