Press "Enter" to skip to content

තේ පානය කරන අයට රතු එළියක්… මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න…

තේ කොළවලට මිශ්‍ර කෙරෙන බවට සැකසහිත රසායනික ද්‍රව්‍ය වර්ගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය මස 21 වනදා තිනියාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනෙකු සතුව තිබී සැකසහිත රසායනික ද්‍රව්‍ය කිලෝ 2,000 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ සැකකරුවන් එම රසායනික ද්‍රව්‍ය ලොරියකට පටවමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ එම රසායනික ද්‍රව්‍ය තේ කුඩුවලට මිශ්‍ර කිරීම සඳහා රැගෙන යාමට සැකකරුවන් උත්සහ දරා ඇති බවටයි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය කළ කරුණු වාර්තා කිරීමකට අනුව තේ පර්යේෂණ ආයතනය අදාළ පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා.

-gagana