ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය.
අප වාර්තාකරු සඳහන් කළේ, ඩුබායි සිට මෙරටට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් E.K – 650 දරණ ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බවය.
ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් ගුවන් තොටුපොළට පැමිණ සිටි බව, අප වාර්තාකරු සඳහන් කළේ ය.










