ඕස්ට්‍රේලියානු බන්ධනාගාරක මේ වන විට රදවා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට වසර 12 සිට 20 දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක් වීමේ අවදානමක් ඇති වී තිබේ.
කාන්තාවකට සිව්වතාවක් ලිංගික අතවර කළේ යැයි එල්ලවී ඇති චෝදනා අධිකරණය හමුවේ සනාථ වුවහොත් මෙම දඬුවමට ලක් වීමට ඔහුට සිදු වෙයි.
අදාල චෝදනාවන්ට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු මේ වන විට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර රැදවුම්භාරයේ එරට සිඩ්නි බන්ධනාගාරයේ රඳවා සිටී.
කෙසේවෙතත් ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී පාර්ශවයේ නීතිවේදීන් කියා සිටින්නේ මෙම චෝදනාවලට වරද පිළි නොගන්නා බවත් නිර්දෝෂීභාවය පෙන්වීම සඳහා ඉහළම අධිකරණයේ අභියාචනා කරන බවත්ය.
-lankacnews