Press "Enter" to skip to content

හිල්ටන් හෝටල් හදන්න ආනන්ද්රාජා පිල්ලේට මුදල් ආවේ බැසිල්ගෙන්?

අරගලයට ද මුදල් ලබාදුන් බවට චෝදනා එල්ලව සිටින මෙල්වා සමූහයේ සභාපති ආනන්ද්රාජ් පිල්ලේ මහතා සතු මෙල්වා හොටේල් ඇන්ඩ් රිසෝර්ට්ස් (Melwa Hotels & Resorts) විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක හිල්ටන් හෝටල් හා නිවාඩු නිකේතන 6ක් සෑදීමේ ව්‍යාපෘතිය සඳහා මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි වාර්තා වේ.

මේ ව්‍යාපෘතියට හිල්ටන් කැන්ඩි රිසෝට් (Hilton Kandy Resort), හිල්ටන් යාල රිසෝට් ඇන්ඩ් ස්පාර් (Hilton Yala Resort & Spa), හිල්ටන් කොස්ගොඩ රිසෝට් (Hilton Kosgoda Resort), ඩබල් ට්‍රී හිල්ටන් නුවරඑළිය (DoubleTree by Hilton Nuwara-Eliya), ඩබල් ට්‍රී හිල්ටන් කොලම්බෝ එයාර්පෝර්ට් (DoubleTree by Hilton Colombo International Airport) හා ඩබල් ට්‍රී හිල්ටන් මීගමුව (DoubleTree by Hilton Negombo) අයත් වේ.

කොවිඩ් ව්‍යාප්තියේ බාධා හේතුවෙන් තවමත් අවසන් නොමැති මේ ව්‍යාපෘතියට වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවන බව පැවසේ.

කෙසේවුවද, මේ ව්‍යාපෘතියත් ලංකාවට යකඩ ගෙන්වීමේදී සියයට හාරසියය දක්වා හිටි හැටියේ බදු මුදල් වැඩිකිරීමට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ තීන්දුවත් අතර යම් සම්බන්ධයක් ඇති බවට ද චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.

එම තීන්දුවත් සමඟ ලංකාවට යකඩ ගෙන්වීම මේ වන විට මුළුමනින්ම ඇණහිට ඇති අතර මේවන විට දේශීය වෙළඳපොළ සඳහා සම්පූර්ණයෙන්ම යකඩ ලබාදෙනු ලබන්නේ මෙල්වා සමාගම විසින් බව පැවසේ.

අදාළ තත්ත්වය හේතුවෙන් යකඩ මිල ඉතා ඉහල අගයක් ගෙන ඇති බවත්, ඉදිකිරීම් ක්ෂත්‍රය කඩා වැටීමට හා එහි රැකියාවන්හි නිරත පිරිසට රැකියා අහිමිවීමට මේ තත්ත්වය සෘජුව බලපා ඇති බව වාර්තා වේ.

මීට පෙර, ඉන්දියාව, චීනය, මැලේෂියා හා කොරියාව වැනි රටවලින් යකඩ ආනයනය කර ඇති අතර, ඒවා ඉතා අඩු මිලකට දේශීය වෙළඳපොළ තුළ අලෙවිවී ඇත.

වසර 2017 දී යෝජිත මේ හෝටල් ව්‍යාපෘතිය සඳහා මූලික අඩිතාලම දමා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී බවද පැවසේ.

මෙල්වා හොටේල් ඇන්ඩ් රිසෝර්ට්ස් (Melwa Hotels & Resorts) විසින් ඉන්දියාවේද හිල්ටන් හෝටල් කිහිපයක් ඉදිකිරීමට මේවන විට සැලැසුම් කරමින් සිටින බව පැවසේ.

මීට පෙර වූ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අදියර දෙකකින් ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා IFC විසින් අරමුදල් ලබාදෙන බවයි.

සංවර්ධනයේ පළමු අදියරට කාමර 96 කින් සමන්විත ඩබල් ට්‍රී හිල්ටන් මීගමුව (DoubleTree by Hilton Negombo), කාමර 192 කින් යුත් මුහුදු වෙරළේ හිල්ටන් කොස්ගොඩ රිසෝට් (Hilton Kosgoda Resort), කාමර 42 කින් යුත් හිල්ටන් යාල රිසෝට් ඇන්ඩ් ස්පාර් (Hilton Yala Resort & Spa) ඇතුළත්ව තිබේ.

එහි දෙවැනි අදියරට හිල්ටන් කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කාමර 200 කින් යුත් ඩබල් ට්‍රී හිල්ටන් කොලම්බෝ එයාර්පෝර්ට් (DoubleTree by Hilton Colombo International Airport), කාමර 150 කින් යුත් හිල්ටන් කැන්ඩි රිසෝට් (Hilton Kandy Resort) සහ කාමර 96 කින් යුත් ඩබල් ට්‍රී හිල්ටන් නුවරඑළිය (DoubleTree by Hilton Nuwara-Eliya) ඇතුළත් වේ.

මෙම දේපල තුනම කළමනාකරණය කිරීම සඳහා හිල්ටන් 2017 අප්‍රේල් මාසයේදී ගිවිසුමක් අත්සන් කර ඇත.

මේ අතර, ඉකුත් වසරේ 2021 නොවැම්බරයේදී ආයෝජන මණ්ඩලය (BOI) කියා සිටියේ මීගමුව හිල්ටන් ඩබල් ට්‍රී හෝටලයේ කාමර ධාරිතාවය පුළුල් කිරීම සඳහා සීමාසහිත Melwa Hotels and Resorts Ltd සමඟ ඩොලර් මිලියන 52 ක ගිවිසුමකට එළඹුණු බවයි.

මෙම ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස සැලසුම් කර ඇති අනෙකුත් ව්‍යාප්ති ක්‍රියාකාරකම් අතර නව කාමර 57ක් ඉදිකෙරෙන අතර එමඟින් මුළු කාමර සංඛ්‍යාව 141 දක්වා ඉහළ යනු ඇතැයි පැවැසිනි.

මේ අතර, මෙල්වා සමූහයේ සභාපති ආනන්ද්රාජ් පිල්ලේ මහතා අරගලකරුවන් සමඟ ජනපති මන්දිරයට ඇතුළුව ජනපතිවරයාගේ සයනයේ සැතැපී ගන්නා ලද ඡායාරූපයක්ද අප වෙබ් අවඩිවිය විසින් ප්‍රසිද්ධ කළ අතර, ඔහුට හා අරගලයට ඇති සම්බන්ධය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය ප්‍රකාශයක් හෝ ලබාගෙන නැතැයි වාර්තා වේ.

කෙසේවුවද, පොලිසිය විසින් ඔහුව මඟහරිමින් සිටීම මේවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිව කතාබහට ලක්ව තිබේ.

උපුටා ගැනීම = https://www.sinhala.srilankamirror.com