Press "Enter" to skip to content

‘මල්ලි පැනලා ගියේ නෑ බෙහෙත් ගන්න ගියේ ‘ – මහින්ද රාජපක්ෂ

මෙරටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රටින් පිටව ගොස් ඇති බවයි කියන්නේ. ඒ බව ඉල්ලා අස්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. තමන්ගේ බාල සොහොයුරා මෙරටට පැමිණීම පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බව ඔහු පැවසූවා. නමුත් නුදුරු අනාගතයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම නැවත පැමිණෙන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජූලි 9 වැනිදා විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වටලා එය වෙත ඇතුල්වී තිබුණා. අනතුරුව ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරේ ආරක්ෂාව යටතේ සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පලාගියේ යැයි කරුණු ඉදිරිපත් කළ විට, ඒවා පදනම් විරහිත ප්‍රකාශ බව මහින්ද රාජපක්ෂ පැවසුවා.