Press "Enter" to skip to content

රනිල් ආරක්ෂා කිරීම තරුණයන්ගේ වගකීමක්! – ඔහු ජාතික වස්තුවක්

රනිල් වික්‍රමසිංහ යනු ජාතික වස්තුවක් බවත්, එය ආරක්ෂා කර ගැනීම තරුණයන්ගේ වගකීමක් බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

එහිදී ඒ මහතා පවසන්නේ පැසිස්ට්වාදය පරාද කල යුතු බවත් තරුණයක් පැසිස්ට්වාදයට නතු නොවී මහජන නියෝජිතයින් ආරක්ෂා කිරීමට පෙළඹිය යුතු බවත්ය.

මේ මොහොතේ රටම අවශ්‍ය ගෑස් ලැබෙන බවත්, රසායනික පොහොර ලැබෙන බවත් ඉන් ඔබ්බට ගොස් හිඟයකින් තොරව ඉන්ධන ලබදීම රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන බවට පැසිස්ට්වාදීන් දන්නා නිසා මෙම අරගල ක්‍රියාත්මක කරන බවත් වජිර අබේවර්ධන මහතා පවසයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවිය තුළ ඒ මහතාව විනාශ කිරීමට යම් පුද්ගලයන් උත්සහ දැරුවද ස්වභාවධර්මය විසින් ඔහුව අරක්ෂ කල බවත් එම නිසාවෙන් මෙම ජාතික වස්තුව සියලු පුරවැසියන් එකවි ආරක්ෂා කලයුතු බවත් ඒ මහතා පවසයි.