සජිත් ගේ අගමැති සිහිනය බොඳ වෙයි
තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් බවත් ඒ අනුව හෙට දිනයේ නව ආණ්ඩුවක් පිහිටුවමින් දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙන ලෙසත් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයා වෙත අද (12) දහවල් යවන ලද ලිපිය පිළිගැනීමට නොහැකි බව ජනාධිපති කාර්යාලය විසින් විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇති බවට ආරංචිමාර්ග පවසයි.
මීට පෙර ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාව දුරකථනයෙන් අමතා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස කරන ලද ඉල්ලීම විපක්ෂ නායකවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද හෙයින් ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති නිසා විපක්ෂ නායකවරයා මේ මොහොතේ කරන ඉල්ලීම පිළිගැනීමට හැකියාවක් නොමැති යැයි ඔවුන් පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මිට පෙර විපක්ෂ නායකවරයා සඳහන් කලේ ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙන තුරු තමා අග්‍රාමාත්‍ය ධුරය භාර නොගන්න බවයි.
නමුත් අද දිනයේ අගමැති වරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් අද සවස දිව්රුම් දීමට නියමිතව ඇති මොහොතක මෙම ලිපිය යොමු කර තිබිම විශේෂත්වක්.
Published in Political