හිටපු ඇමැති චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී රසායනික පොහොර, ගෑස් සිලින්ඩර්, ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
කුරුණෑගල ප්‍රදේශයේ දී විරොධතාකරුවන් විසින් ගිනි තබා විනාශ කළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩර 140ක් පමණ සොයා හමුව ඇතැයි පැවසේ.
මෙම සියලුම ගෑස් සිලින්ඩර ජනතාව විසින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සතුව තිබූ කුරුණෑගල වැව පාරේ නිවෙසේ ලාෆ් ගෑස් සිලින්ඩර පමණක් අසූවකට වැඩි සංඛ්‍යාවක් තිබී ඇත.
එසේම, මෙම විරෝධතාකරුවන් තිස්සමහරාම කිරින්ද මාගම ප්‍රදේශයේ පිහිටි හිටපු ඇමැති චමල් රාජපකක්ෂට අයත් නිවසකට කඩා වැදී එහි ගබඩාවක සඟවා තිබූ යූරියා පොහොර මිටි 300ක්, ඩීසල් ලීටර් 3000ක්, වී මිටි 200ක තොගයක් සහ රතු පරිප්පු තොගයක් ප්‍රදේශයේ ජනතාවට බෙදා දී පසුව එම නිවසට ගිනිතබා විනාශකර තිබේ.
එමෙන්ම හිටපු ඇමැතිවරයාගේ තිස්සමහරාම සේනපුර පිහිටි නිවසට හා කාර්යාලයට විරෝධතාකරුවන් පෙරේදා (09 වැනිදා) රාත්‍රි පහර දී දැඩි අලාභහානි කර තිබේ.
එහි දී කාර්යාලයේ තිබූ ලිපි ලේඛන සියල්ලක්ම විනාශකර දමා තිබුණි.
මේ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි ගොවිපළකට ඊයේ (10) සවස තුනට පමණ කුපිත වූ ප්‍රදේශවාසීන් පිරිසක් ගිනි තබා දේපළවලට අලාභ හානි සිදු කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.
අක්කර 50 කින් සමන්විත මෙම ගොවිපළේ පිහිටි ගබඩාවක යූරියා පෝර මිටි හාරසියයකට ආසන්න ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන්ගේ භාරයටද ගෙන තිබේ.
එම ගොවිපල ගබඩාවේ තිබූ අත් ටැක්ටර් කීපයකට ද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කොට ඇති අතර ගබඩාවේ තිබූ වී මිටි විශාල ප්‍රමාණයකට ගින්නෙන් හානි වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය කියයි.
මූලාශ්‍රය – අරුණ
Published in Political