රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය, ඩොලර් නොමැතිවීම, ඉන්ධන හිගය සහ විදුලි කප්පාදුව වැනි කරුණු කාරණා ගණානවක් හේතුවෙන් රටේ දෛනික ක්‍රියාවලිය මේ වන විට අඩපණ තත්ත්වයට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් රට දින කිහිපයකට අගුළු දැමීමට සැළසුම් කරමින් සිටින බවට නිල නොවන රජයේ ආරංචි මාර්ග වාර්තා කරනවා.
රටේ පවතින වාතාවරණය අනුව මේ වන විට ප්‍රවාහන, සන්නිවේදන, බෙහෙත්, ආහාරපාන, සියලුම දේ සීමා කිරීමට සිදුව තිබෙනවා.
මෙම තත්ත්වය මත ජනතාවට එදිනෙදා කටයුතු කර ගැනීමට නොහැකි වී ඇත.
අද සිට ඉදිරි දින කිහිපයේදී ජනතාව විවිධ ප්‍රදේශවලින් විරෝධතා සහ උද්ඝෝෂණ සිදුකිරීමට සූදානම් වනවා.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලවල විවිධ කණ්ඩායම් වශයෙන් ජනතාව මහ පාරට බැස රජයට විරෝධය පෑමට සූදානම් වන බවට ද තොරතුරු වාර්තා වේ.










