Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම කප්පාදුව

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම හේතුවෙන් අද දිනයේ පැය 07කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව A සිට L දක්වා කලාප 12 සඳහා පැය 07යි මිනිත්තු 30ක කාලයක් සහ P සිට W දක්වා කලාප 08 සඳහා පැය 07යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බවය.

ඒ අනුව A සිට L දක්වා කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 6 දක්වා පැය 5ක කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුවේ.

P සිට W දක්වා කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 06.30 දක්වා පැය 05ක කාලයක් සහ පස්වරු 06.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

More from GossipMore posts in Gossip »