Press "Enter" to skip to content

සිපෙට්කෝ ඉන්ධන මිලටත් වෙන්න යන දේ

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට පියවර ගැනීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

වාර්තා වන අන්දමට පෙට්‍ර්ල් මිල රු. 49කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

දැනට සිපෙට්කෝ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍ර්ල් ලීටරයක මිල රු. 254ක් වේ.

ඒ අනුව එහි මිල ද මිල වැඩිවීමෙන් පසුව රු. පියල් 303ක් වනු ඇත.

ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

එ් අනුව ලංක IOC පෙට්‍රල් ලීටරයක මිල රු. 49කින් ඉහළ දමා තිබේ.

ලංකා IOC නව මිල ගණන් මෙසේයි.

IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක්
IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332ක්

More from GossipMore posts in Gossip »